Karagalla Pirivena
A Hallowed Ground for Traditional Monastic Education.
පිරිවෙණ පිළිබඳ
කොස්ගම කරගල්ල ශ්‍රී න්‍යග්‍රෝධ මහ පිරිවෙණ
වර්ෂ 1981 දී ශ්‍රී සුධර්මාරාම පිරිවෙණ විද්‍යායතන පිරිවෙණක් බවට උසස් විය. ඉන් අනතුරුව
පිරිවෙනේ කනිෂ්ඨ අංශය වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාවය මතුවිය. ඒ අනුව වෛද්‍ය
ඩී.එස්.ආර්.ගුණවර්ධන මැතිතුමා විසින් වේරහැර අරියවංස හිමියන් වෙත පූජා කළ කොස්ගම
කරගල්ලේ පිහිටි භූමියක මූලික පිරිවෙණ ආරම්භ කරන ලදී. ඒ 1982.01.27 වන දින ශ්‍රී න්‍යග්‍රෝධ
මූලික පිරිවෙණ නමිනි. මේ වන විට අරියවංස හිමියන් ශ්‍රී සුධර්මාරාම විද්‍යායතන පිරිවෙනේ
පරිවෙණාධිපති ධුරයේ කටයුතු කළ බැවින් ශ්‍රී න්‍යග්‍රෝධ මූලික පිරිවෙනේ ආරම්භක කෘත්‍යාධිකාරී
තනතුරට පත් කරනු ලැබුවේ පූජ්‍ය ගැටමාන්නේ වනරතන හිමියන් ය. පූජ්‍ය මාදංවල
ආනන්දාභිධාන නා හිමියන් මූලික පිරිවෙනේ ආරම්භක පරිවෙණාධිපති ධුරයට පත් විය. මූලික
පිරිවෙණ මහ පිරිවෙණක් දක්වා උසස් වූයේ ශාස්ත්‍රපති පූජ්‍යපාද පරණගම ධම්මානන්ද හිමියන්
පරිවෙණාධිපති ධුරයේ කටයුතු කරන කාල වකවානුවේ දී ය.
පසුව
පූජ්‍ය කණම්පැල්ලේ සුමනනන්ද නා හිමි
පූජ්‍ය සීගිරියේ ධම්මජෝති හිමි
පූජ්‍ය උඩවත්තේ සුමනරතන හිමි
පූජ්‍ය දෙහිකුඹුරේ බෝධිසිරි හිමි
පරිවෙණාධිපති ධුරයේ කරයුතු කර ඇත. වේරහැර අරියවංස නා හිමියන් සුධර්මාරාම විද්‍යායතන
පිරිවෙනේ පරිවෙණාධිපති ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කොස්ගම කරගල්ල ශ්‍රී න්‍යග්‍රෝධ මහ
පිරිවෙනේ කෘත්‍යාධිකාරී ධූරයට පත් විය. උන්වහන්සේගේ අප්‍රතිහත දෛර්යයේ ප්‍රතිඵලයක්
වශයෙන් රට දැය වෙනුවෙන් උගත් වියත් පඩිවරුන් දායාද කරන පුණ්‍ය භූමියක් බවට මෙම
පිරිවෙණ පත් වූ අතර අරියවංස හිමියන්ගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය ප්‍රවීණාචාර්ය
පණ්ඩිත පූජ්‍ය දේවාලේගම සුමංගල හිමියන් පිරිවෙනේ වත්මන් කෘත්‍යාධිකාරී ධූරයේ කටයුතු කරයි.
එමෙන්ම ශ්‍රී න්‍යග්‍රෝධ මහ පිරිවෙනේ වත්මන් පරිවෙණාධිපති ධුරයේ කටයුතු කරන්නේ ශාස්ත්‍රවේදී
රාජකීය පණ්ඩිත පූජ්‍ය තිඹිරිපොළ නාලක හිමියන් ය.
පරිවෙණාධිපති
පූජ්‍ය තිඹිරිපොළ නාලක ස්වාමීන්වහන්සේ
වත්මන් පරිවෙණාධිපති ධුරයේ කටයුතු කරන පූජ්‍ය තිඹිරිපොළ නාලක හිමි ශ්‍රී න්‍යග්‍රෝධ මහ
පිරිවෙන තුළන්ම සිය පිරිවෙන් අධ්‍යාපන කටයුතු හදාරා තිබීම විශේෂත්වයකි. ඉන් පසුව කැළණිය
විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත. මේ වන විට
උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව
හදාරමින් සිටී.